Tonsilitis

ටොන්සිල් ප්‍රදාහය

ටොන්සිල්ස් ගැන බොහෝ දෙනා දැනුවත්
එත් ටොන්සිල්ස් වලින් වන කාර්යය සහ 
ඒවා ඉවත් කලයුත්තේ ඇයි දැයි බොහෝ 
දෙනා දන්නේ නැත. ගැන දන ගැනීම ලොකු 
කුඩා හැමටම වැදගත්ය.
 
ටොන්සිල්ස් සහ ටොන්සිල් ප්‍රදාහය 
ටොන්සිල්ස් අප සිරුරට ඇතුළු වන 
විෂබීජ විනාශකරන තැනකි. මෙය වැදගත් 
වන්නේ අවුරුදු එකහ මාරක් පමණ වයසැති 
ළමයින්ගේ පමණි. ඉන්  පසු මෙම කාර්යය 
සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් ගෙන් සිදු
 වෙයි
ටොන්සිල්ස් අසාදනය වූ පසු ඒවා රතු පැහැ 
ගෙන සුදු පැහැති තිත් හට ගනී.
 
 

දැනගන්න ටොන්සිල් ප්‍රදාහය 

ඔබට පහත සඳහන් රෝග ලක්ෂණවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා 
ටොන්සිල් ඉවත් කිරී මට නිර්දේශ කිරීමට පුළුවන.
 
       1. දීර්ඝ කාලීන හෝ නිතර සෑදෙන ටොන්සිල්  
              ප්‍රදාහය 
 
          2. විශාල වූ ටොන්සිල් මගින් ඇතිකරන හුස්ම  
      ගැනීමේ අපහසුව හෝ නිදාගැනී මේ අපහසුව
 
     3. මස් හෝ එවැනි ආහාර ගිලීමේ අපහසුව 
 
     4. නිදාගැනීමේ අපහසුව සහ නින්දේ දී හුස්ම 
              ගැනීම නැවැත්වීම
 
 
 

ටොන්සිල් ඉවත් කිරීමේ සැත්කම

ඔබට පහත සඳහන් රෝග ලක්ෂණවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා ටොන්සිල් ඉවත් කිරී මට නිර්දේශ කිරීමට පුළුවන.
 
1. දීර්ඝ කාලීන හෝ නිතර සදෙන ටොන්සිල් ප්‍රදාහය 
2. විශාල වූ ටොන්සිල් මගින් ඇතිකරන හුස්ම ගැනීමේ අපහසුව හෝ නිදාගැනී මේ අපහසුව
3. මස් හෝ එවැනි ආහාර ගිලීමේ අපහසුව 
4. නිදාගැනීමේ අපහසුව සහ නින්දේ දී හුස්ම ගැනීම නැවැත්වීම
 
 

නිතර සෑදෙන ටොන්සිල් අසාදනය යනු කුමක්ද ?

1. අවුරුද්දකට හත් පාරකට වඩා 
 
2. අවුරුද්දකට පස් පාරකට වඩා අවුරුදු දෙකක් 
 
3. අවුරුද්දකට තුන් පාරකට වඩා අවුරුදු තුනක්
 
4. එසේත් නැත්නම් ටොන්සිල් අසාදනය ප්‍රතිජීවක ඖෂධ මගින් සුව නොවන විට 
 
5. ටොන්සිල් වල සැරව ඇති විට
 
 

ටොන්සිලෙක්ටොමි කිරීමට රෝහලේ නැවතිය යුතුද ?

ඔව්. වැඩි ආරක්ෂා සහිතව මෙම සැත්කම සිදු කිරීම අපේ රටේ ක්‍රමයයි. ඇතැම් රට වල සැත්කමින් පසු එදිනම වෙනත් ගැටළුවක් නැතිනම් ගෙදර යා හැක.
 
සැත්කමින් කොපමණ කලක් සුව වීමට ගත වේද?
 
දින 7-10ක් පමණ ගත වේ. ඇතැම් අය ඉක්මනින් සුව වුවත් කලාතුරකින් සති දෙකක් ගත වීමටද පුළුවන.
 
 

සැත්කමට කොපමණ වෙලාවක් ගත වේද?

විනාඩි 20ක්. නිර්වින්දනය කර ආරක්ෂා සහිතව මෙය සිදුකරන බැවින් ඔබට කිසිදු දැනීමක් නැත.
 
 

ටොන්සිලෙක්ටොමි සහ ඇඩෙනොයිඩෙක්ටොමි යනු කුමක්ද?

 
මෙම සැත්කමේදී ටොන්සිලෙක්ටොමි වලට අමතරව නාසය ඇතුලතින් අවහිර කර ඇති වසා ගැටිති ඉවත් කරයි.
 
 
ටොන්සිල් ග්‍රන්ථි කුඩා අවදියේදී විෂබීජ සමග සටන් කිරීමට ප්‍රතිශක්තිය ලබා දුන්නත් නිතර සෑදෙන අසාදන මගින් වෙනත් භයානක රෝගතත්වයක් වන වකුගඩු අක්‍රීය වීමට බලපෑ හැක.
 
 
 

සැත්කම අවසන් වූ පසු 

සෑම කෙනෙකුටම පාහේ  උගුරේ වේදනාව තරමක් ඇති වන අතර වේදනා නාශක නොවරදවා ලබා ගන්න.
 
පහත සඳහන් පියවර පිළිපැදීමෙන් වේදනාව අඩුවී  
සහ සුවවීම ඉක්මන් කරයි
 
  1. වේදනානාශක නිර්දේශ කර ඇති පරිදි අරගන්න.
වේදනා නාශක ඖෂධ නොමැතිව වේදනාව නසන ක්‍රම 
 
 
1. සැත්කමට ප්‍රථම ළමයා කැමති සින්දු හෝ වෙනත් වීඩියෝ ඇතිනම් බැලීමට හෝ ඇසීමට දෙන්න. ළමයාට උපරිම මානසික සුවයක් ලබාදෙන දේ සිදුකරන්න. එයා කැමති දෙයක් අරගෙන දෙන්න
 
2. සැත්කමෙන් පසු ළඟින්ම සිට පිට පිරිමදින්න.
 
3. එයා කැමති සිංදු අසන්න සලස්වන්න
 
4. හුස්ම ඉහල පහල ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකරන්න
 
5. වේදනාව වෙත ඇති අවාදානය නැතිකිරීමට DVD, කාටුන් හෝ කොම්පියුටර් ගේම් ලබාදෙන්න.
 
6. කතන්දර කියා දෙන්න.
 
7. බබල් පුම්බන්න.
 
8. එයා කැමති සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරන්න.
 
9. සුරතල් සතුන් බැලීමට දෙන්න.
 
2. නිතර වතුර හෝ දියර අරගැනීමෙන් විජලනය අඩුකරයි. අයිස් පලම් හොඳ තේරීමකි. ටොන්සිල් ප්‍රධාහය නැවත ඇති නොවන නිසා බියකින් තොරව අයිස් ක්‍රීම්, අයිස් පලම් කෑමට දෙන්න
 
3. අහාර නිතර අරගන්න. කැඳ  වැනි අර්ධ ඝන ආහාර පහසුවෙන් 
ගිලීමට හැකි නිසා සැත්කම සිදුකර මුල්දිනයේදී අරගන්න
අයිස් ක්‍රීම් හෝ පුඩින් වැනි ආහාර ඉතා පහසුවෙන් ගිලීමට 
හැකිනිසා කැමතිනම් අරගන්න. සීත කළ ජෙලි යෝග්‍යයි
 
4. ඇඹුල් ආහාර සහ මිරිස් ආහාර ගැනීමෙන් වලකින්න
 
5. ඝන කැබලි සහිත ආහාර නොගන්න. එසේනොවුන හොත් වේදනාව සහ
 ලේ ගැලීමට පුළුවන.
 
6. විවේක ගන්න ! සති දෙකක් පමණ. බර වැඩ නොකරන්න. සති දෙකක් බයිසිකල් 
පදින්න එපා
 
7. පාසල් යෑමට ප්‍රථම වේදනා නාශක නැවැත්විය යුතුයි
 
8. වැඩි දුර විස්තර ඔබේ වෛද්‍යවරයාගෙන් අසන්න. ලේ ගැලීමක්
 තිබේනම් වහාම ඔබේ වෛද්‍යවරයාට පවසන්න. නැතිනම් රෝහලට 
පැමිණෙන්න.
 
3. විජලනයමුත්‍රා කිරීම අඩුවීම (2-3 පාරකට
 අඩුවෙන්) අඩන විට කඳුළු එන්නේ නැතිනම්. දියර ආහාර 
නොගැනීම හෝ ලේ වහනය මෙයට හේතුවයි. රෝගියාට තිබහ ඇතිවීම
හිසේකැක්කුම, කරකැවිල්ල, අප්‍රාණික බව තිබීම විජලනයේ රෝග 
ලක්ෂණ විය හැක.
 
4. හුස්ම ගැනීමේ අපහසුව. නින්දේදී ගෙරවීම හෙවත් ශබ්ද සහිතව හුස්ම ගැනීම මුල් සතිය තුල තිබීමට හැක. එහෙත් හුස්මගැනීමට නොහැකි නම් වහාම රෝහලට පැමිණෙන්න.
 
 
සැත්කමෙන් පසු පහත රෝග ලක්ෂණ ඇතිනම් ඔබේ 
වෛද්‍යවරයාට පවසන්න.
 
 1. ලේ ගැලීමක් (රතු පාට ලේ ) එහෙත්  අවපැහ ලේ යෑම සාමාන්‍යයෙන් 
පැවතීමට පුළුවන. තද දුඹුරු පාටට වමනය යෑමට පුළුවන් අතර එය සාමාන්‍ය
තත්වයකි
 
2. උණ 102 F හෝ 38.9 C 
 

Tender nose troubles?

We got answers!

 
tender nose kandy