ආරක්ෂිතව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම සිදුකරන්නේ කෙසේද?

තයිරොයිඩ් ග්‍රන්ථිය බෙල්ලේ ඉදිරිපස පිහිටා ඇති සමනලයකු ගේ හැඩය ඇති ග්‍රන්ථියකි. එමඟින් සිරුරේ විවිධ වූ ක්‍රියා පාලනය කරන තයිරොයිඩ් හෝමෝන නිපදවයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය විශාල වීම ඇතැම් විට ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි නමින් හදුන්වයි. තයිරොයිඩ් ග්‍රන්ථිය සිරුරට අත්‍යවශ්‍ය හෝමෝන නිපද වූවත් ඇතැම්විට ග්‍රන්ථියේ පිළිකා ඇතිවේ.  එතරම් සුලභ නොවන මෙම පිළිකා වැඩි හරියක් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි වේ. බොහෝ විට මෙම පිළිකා සඳහා සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වේ. තවද ජීවිත කාලය පුරාවටම මේ සඳහා ඖෂධ භාවිතා කළ යුතු වේ. 

Thyroid

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට සිදුවන්නේ ඇයි ?

1. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා සඳහා. 
තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව හඳුනාගත් විට එම ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සිදුකිරීම මගින් පිළිකාව තවදුරටත් පැතිරයාම වළක්වාගත හැකිය.
2. පිළිකා නොවන තයිරොයිඩ් ග්‍රන්ථි විශාල වීමක් සිදුවන විට එම ග්‍රන්ථිය ඉවත් කිරීම සිදු කරයි. එමගින් හුස්ම ගැනීමේ පහසුව, ගිලීමේ පහසුව හ සාමාන්‍යයෙන් ඇඟට ඇති අපහසුතාවය අඩු කරගත හැකිය.
3. අධි ක්‍රියාකාරිත්වයක් ඇති තයිරොයිඩ් ග්‍රන්ථයක් ඇති විට. 
දීර්ඝකාලීනව තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධ හෝමෝන ලබා ගැනීමට අකමැති නම් හෝ විකීරණ ප්‍රතිකාරයට අකමැති නම් සැත්කම් මගින් මෙය සුව කරගත හැකිය.
4. තයිරොයිඩ් ග්‍රන්ථියේ කුඩා ගැටිති ඇති විට.  
මෙම කුඩා ගැටිත්තක් ඇතැම්විට පිළිකාවක් බවට පත්වීමේ හැකියාවක් ඇත. එම නිසා ඒවා ඉවත් කර ගැනීම මගින් පිළිකාව ඇති වීම වළක්වා ගත හැකිය.
 
 
Thyroid nodules

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමකින් පසුව අතුරුආබාධ ඇතිවිය හැකිද ?

 
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම ඉතා සුපරීක්ෂාකාරීව සිදුකල  යුතු සැත්කමක්. මෙම සැත්කම බොහෝ විට සාර්ථකව අතුරු ආබාධයක් නොමැතිව සිදු කිරීමට හැකිය. කෙසේ වෙතත් කලාතුරකින් සංකූලතා ඇතිවේ.,
1. රුධිර වහනය. 
2. විෂබීජ ආසාදන
 3. ස්වසන අපහසුතාවය- මෙය ඇති වන්නේ සැත්කමෙන් පසුව රුධිර වහනයක් වුණොත් පමණි. එම නිසා එවැනි තත්වයන් ඉතා ඉක්මනින් හඳුනා හඳුනාගෙන වහා ප්‍රතිකාර කළ යුතුය. 
සැත්කමෙන් පසු තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන සාන්ද්‍රනය අඩු වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ වලට සාර්ථකව ප්‍රතිකාර කළ හැක. එහෙත් රෝගියා එම බෙහෙත් නිවැරදිව දිනපතා ගත යුතුය.
 
 
comfortable-patient

මෙම සැත්කම සිදුකිරීමේ දී රිදෙනවා ද ?

 
ශල්‍ය වෛද්‍යවරුන් මේ සැත්කම සිදු කරන්නේ ඉතා ආරක්ෂා සහිතව පූර්ණ නිර්වින්දනක් සිදු කිරීමෙන් පසුවයි. නිර්වින්දන වෛද්‍යවරයා විසින් රෝගියා සුව පහසු ලෙස වේදනාවකින් තොරව සැත්කම සිදුකිරීමට අවශ්‍ය පියවර ගනී. සැත්කම අතරතුර සහ සැත්කමින් පසුව රෝගියා ඉතා ආරක්ෂාකාරී සහිතව  නිරීක්ෂණයන්ට භාජනය කරමින් වාට්ටුව තුල තබා ගනී.
 
 
thyroid-picture

සැත්කමට කොපමණ වේලාවක් ගතවේද ?

 
පැයක් දෙකක් පමණ කාලයක් ගතවන සැත්කමකි. 
 
සැත්කමෙන් පසු කටහඬ වෙනස් වෙන්න පුළුවන් ද ?
 
සැත්කම සිදුකිරීමේදී කතා කිරීමට  සම්බන්ධ ස්නායු ස්නායු වලට හානියක් සිදු වූව හොත් කටහඬ වෙනස් වීමට පුළුවන.
මෙහි ඇති විශේෂත්වය නම් තයිරොයිඩ් ග්‍රන්ථිය ආසන්නව ඉතා වැදගත් ස්නායු සහ රුධිර නාල ඇති නිසා පරීක්ෂාකාරී ලෙස මෙම සැත්කම සිදු කිරීමයි. විශේෂයෙන්ම ග්‍රන්ථිය දෙපසින් ගමන් කරන ස්නායුවක් වන recurrent laryngeal nerve ආරක්ෂා කරමින් සැත්කම සිදුකිරීමට ඒ සඳහා නිපුණ අත්දැකීම් සහිත වෛද්‍යවරයකු ලවා සැත්කම සිදු කරගත යුතුය.
 
 

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති විට ඇති වන රෝග ලක්ෂණ මොනවාද ?

 
තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකාව ඇති විට කිසිදු රෝග ලක්ෂණයක් මූලික අවස්ථාවල ඇති නොවීමට පුළුවන. 
කටහඬ වෙනස්වීම, හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව, වසා ගැටිති ඉදිමීම, බර අඩුවීම, කැස්ස වැනි රෝග ලක්ෂණ පසුව ඇති වේ. 
 
 
blood-testing

තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් ඇති දැයි හඳුනාගන්නේ කෙසේද ?

 
1. තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය පරීක්ෂණය (TSH, T3, T4). මෙමගින් රුධිරයේ ඇති තයිරොයිඩ් ග්‍රන්ථියට අදාල හෝමෝන වල ක්‍රියාකාරිත්වය සහ ප්‍රමාණය පරීක්ෂා කෙරේ.
2. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය (Ultra Sound Scan). මෙමඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රමාණය, ගැටිති සහිත බව හා ඒවායේ අභ්‍යන්තර ලක්ෂණ සොයාගත හැක.
3. FNAC පරීක්ෂණය
මෙම පරීක්ෂණයේදී කුඩා එන්නත් කටුවක් ආධාරයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල ලබාගෙන අණ්වික්ෂයක් ආධාරයෙන් අධ්‍යනය කරනු ලැබේ. එමගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සෛල ඇති දැයි සොයාගත හැක.
 
 

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම වලක්වා ගත හැක්කේ කෙසේද ?

 
1. අයඩින් සහිත ආහාර අනුභවයෙන්
2. ගෝවා, රාබු හා මඤ්ඤොක්කා වැනි ආහාර ගැනීම අඩු කිරීම
3. ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි ඇතිවීම මූලික අවස්ථාවේදීම උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීමෙන් මෙම රෝගී තත්වයට නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය.

Learn world of thyroid in Sri Lanka.