Stapedectomy

Now available කන් ඇහෙන්නේ නැති එකට සැත්කමක් !



මැද කනේ අස්ථිකා වල සිදුවන වෙනස් කම් කන්  ඇසීම අඩුවීමට බල පෑ හැකි කලාතුරකින් ඇසි විය හැකි හේතුවකි. මෙම තත්ත්වය සාර්ථක සැත්කමක් මගින් සුවකළ හැක. එම සැත්කම ස්ටේපිඩෙක්ටමි (STAPEDECTOMY) ලෙස හැඳින්වේ.

ස්ටේපිඩෙක්ටමි (STAPEDECTOMY) යනු කුමක් ද ?
මෙය මැද කනේ ඇති ස්ටේපිස් (stapes) නමැති කුඩා අස්ථිය විනාශ වීම නිසා ඇතිවන බිහිරි බවට සිදු කරන සැත්කමකි. මෙහිදී කෘත්‍රිම (ටයිටෙනියම්) ස්ටේපිස් (stapes) එකක් බද්ධ කරයි. මෙය 90% කට වඩා සාර්ථක සැත්කමකි.


මෙවැනි තත්වයක් ඇති වන්නේ ඇයි ?
ඔස්ටියෝස්ක්ලෙරෝසිස් (otosclerosis) නමැති පටක දෘඩවන එසේත් නැතිනම් සවිවන රෝගිතත්වයකදී මෙලෙස මැද කනේ අස්ථිකා ඝන වේ. එවිට කන ඇසීම අඩු වී යයි. මැද කනේ අස්ථිකා මත කැල්සියම් අංශු තැන්පත් වීම නිසා මෙසේ සිදුවේ

කනේ ඇසීම ඇති වන්නේ කෙසේද ?
ප්‍රථමයෙන් බාහිර ශබ්ද තරංග කන් බෙරයේ වදී. කන් බෙරය කංපනය වීමට (සෙලවීමට) පටන්ගනී. එය මැදකනේ ඇති අස්තිකා (stapes) වලට දැනී ඒවා සෙලවීමට පටන්ගනී. එමගින් ඇතුල් කනේ ස්නායු සංවේදනය වේ. එවිට ඇසීම ඇති වේ. ඔස්ටියෝස්ක්ලෙරෝසිස් (otosclerosis) නමැති තත්ත්වයේදී මැද කනේ  අස්ථිකා චලනය අඩුවී ඇසීම අඩුවී යයි.

සැත්කම අවශ්‍යමද ?
බොහෝවිට කනේ ඇසීම ගොඩක් අඩු නම් පමණක් මෙම සැත්කම සිදු කරයි. ඇතැම් විට ශ්‍රවණ උපකරණ පිටතින් පැළඳ ඇසීම යථා තත්වයට පත්කර ගත හැක. ඇතැම් විට සැත්කම මගින් ශ්‍රවන උපකරණ භාවිතය පහසු කරයි.

මේ සඳහා සුදානම් වන්නේ කෙසේද ?
1. නිර්වින්දනය කිරීමක් අවශ්‍ය බැවින් සැත්කමට ප්‍රථම, පැය 6 ක් නිරාහාරව සිටිය යුතුයි. එමගින් වමනය යෑම වලකයි.
2. ඔබ දුම් පානය කරන්නේ නම් මාස 2 කට ප්‍රථම එය නැවැත්වීම යෝග්‍යයි.
3. ඇස්පිරින් හෝ ක්ලොපිඩොග්රල් වැනි ලේ කැටි ගැසීම වලක්වන බෙහෙත් නතර කිරීමට වෛද්‍ය උපදෙස් ගන්න.
4. අනිකුත් බෙහෙත් සාමාන්‍ය ලෙස අරගන්න.
5. උණ හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති නම් ඒ බව වෛද්‍යවරයාට පවසන්න.
6. ඔබේ නිර්වින්දන වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.
7. වෙනත් ගැටළුවක් තිබේනම් ඒ ගැන නොපැකිලිව අසන්න.

සැත්කම සිදු කරන්නේ කෙසේද ?

නිර්වින්දනය ලබාදී ආරක්ෂා සහිතව වේදනාව නොදැනෙන සේ මෙම සැත්කම සිදු කරයි. සැත්කම සඳහා ප්‍රබල අන්වීක්ෂයක් භාවිතා කරන අතර ඉතා සියුම්ව සැත්කම සිදු කරයි. කන්සිදුර තුලින් ඇතුළු වී කන්බෙරය නැවත සවිකළ හැකි කැපුමක් මගින් ගොස් මැද කනට ලඟාවේ. එහි ඇති ඇතුළු අස්ථිකා නිරීක්ෂණය කොට සිදු වී ඇති හානිය සොයා බලයි.
එමගින් ඉවත්කළ යුතු කොටස් හඳුනාගනී. ඉතා කුඩා විදින උපකරණයක් භාවිතා කර අනවශ්‍ය කොටස් ඉවත් කරයි. ඉන් පසු ටයිටේනියම් (Titanitum) වලින් සාදන ලද ස්ටේපීස් (Stepes) අස්ථිකාව නිවැරදිව සවි කරයි.
ඉන් පසු කපන ලද කන් බෙරය යථා තත්වයට පත් කරයි. කන තුලට ගෝස් දමා තාවකාලිව වසා දමයි. මෙය පැය 1 – 1.5 පමණ ගත වන සැත්කමකි.

සැත්කමින් පසු සිදුවන්නේ කුමක්ද ?
සැත්කමින් දින 2 – 3කට පසු ගෙදර යා හැක. වැඩට යන දිනය ඔබේ වෛද්‍යවරයා විසින් දන්වනු ඇත.
කරකැවිල්ල සහ වමනය ඇතිවීම තාවකාලික තත්ත්වක් වන අතර ඒය වැළැක්වීමට බෙහෙත් දෙනු ලැබේ.

කන ඇසීමට කොපමණ කල් ගත වේද ?
කනේ ඇසීම සැත්කමින් පසු යථා තත්වයට පත්වේ. එහෙත් සැත්කම අවසන් වූ වහාම කන වසා ඇති නිසා එය නොදැනේ. සාමාන්‍යයෙන් සතියකට පසු කන වසා ඇති ගෝස් පැක් එක ඉවත්කරයි. මාසයක් පමණ යනතුරු ඇසීම වැඩිවන්නේ නැත. එයට හේතුව නම් සැත්කම නිසා ඇති වූ ඉදිමීම සුව වීමට මසක් පමණ ගත වන නිසාය.

සැත්කමින් පසු සිදුවන ගැටළු තිබේද ?
කරකැවිල්ල ඇතිවීම තාවකාලික වන අතර දිවට රස දනවන ස්නායු කන හරහා ගමන් කරන බැවින් එයට හානියක් වුවහොත් දිවේ රස දැනීමේ අඩුවක් ඇතිවිය හැක. එමෙන්ම මුහුණේ පේශි වලට යන ස්නායුවක් ද කන අසලින් ගමන් කරන අතර මෙම ස්නායුවට අනතුරක් වුව හොත් මුහුණේ ඇදයක් ඇතිවිය හැක.
මෙවැනි සැත්කම් නිතර සිදුකරන ඒ පිලිබඳ අත්දැකීම් සහිත උගුර කන නාසය පිලිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකු තෝරාගත යුත්තේ සියුම් සනායු ආරක්ෂා කරමින් මෙම සැත්කම සිදු කල යුතු නිසයි.

සැත්කමින් පසු කන පරික්ෂා කල යුතුද ?
කණේ ඇසීමේ පරීක්ෂණයක් මාස 1-2 ට පසු සිදුකර ඇසීමන් ඇසීමේ වර්ධනය මැන බලයි. ඔබට ඇති ගැටළු නොපැකිලිව ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.

Our Clinics Working with the Teams

Untitled design (11)
logo_plastic_surgery.224png
GI-Clinic_logo 2
Uro 0
mum 4
Logo_paediatric_surgery_clinic

Tender nose troubles?

We got answers!

 
tender nose kandy