Mastoidectomy යනු කුමක්ද?

Mastoidectomy යනු කුමක්ද?
මෙමගින් රෝගී mastiod air සයිල ඉවත් කරයි. මෙම සයිල කනට පිටුපසින් හිස්කබලේ පිහිටා ඇත. රෝගී සයිල බොහෝවිට ඇතිවන්නේ කණේ ආසාදනයක් නිසා වන අතර මෙම රෝගී සයිල හිස්කබල ඇතුලත වර්දනය වී මොලයට පවා හානි ඇති කරයි. එපමණක් නොව කනේ ඇසීම පවා නැති විය හැකියි.
මෙම සැත්කම ආකාර කිහිපයකට සිදු කරයි.
1. Simple mastoidectomy: රෝගී mastoid සයිල ඉවත් කර මැද කණේ සැරව ඉවත් කිරීම.
2. Radical mastoidectomy: මැද කණේ ඇති සියලු දේ ඉවත් කර දැමීම සිදු කරයි.
3.Modified radical mastoidectomy: මැද කණේ ඇති උපාංග ඉවත් නොකොට කන් බෙරය යත තත්වයට පත් කරයි. මෙය එතරම් සංකීර්ණ රෝගී තත්වයට පත් වීමට පෙර පමණක් සිදුකල හැකි අවස්ථාවකි
ප්‍රතිජීවක ඖශද මගින් මුල් අවස්ථාවේ සුව කල හැකි වුවත් එසේ නොවන අවස්තාවලදී සැත්කම සිදුකිරීම අනිවාර්ය වේ.


Mastoidectomy කරන්නේ කිනම් අවස්ථා වලදී ද ?
chronic otitis media නිදන් ගත මැද කණේ ආසාදනයක් පවතින විට. ප්‍රතිකාර නොකළහොත් එය ගෙඩියක් (cholesteatoma) බවට පත් විය හැක. මෙම ගෙඩිය වර්ධනය වී ඉතා සංකීරණ තත්වයකට පත් විය හැක.
එනම් ,
1 මොලයේ සැරව ගෙඩි
2. බිහිරි බව
3. කරකැවිල්ල
4. මුහුණ ඇද වීම (මෙය සිදුවන්නේ ස්නායු විනාශ වීමෙනි.)
5. කණේ හෝ මොළයේ අසාදන
6. කණේ සැරව ගැලීම
7. සර්ව ගෙඩිය මොළය දක්වාම විහිදීමට පවා පුළුවන

මෙම සැත්කම සිදු කරන්නේ කෙසේද ?
රෝගියා නිර්වින්දන කර ආරක්ෂා සහිතව මෙම සැත්කම සිදු කරයි. රෝගියාට වේදනාවක් හෝ දැනීමක් සිදු නොවේ. මෙහිදී ශල්‍ය වෛද්‍යවරයා CT scan පරීක්ෂණයක් මගින් ලබා ගන්නා තොරතුරු මත mastoid air සයිල වෙත ලඟා වන ආකාරය තීරණය කරයි.
එය කණ පිටුපස කපුමකින් හෝ කණ ඇතුළතින් හෝ සැත්කම සිදු කරයි. ඉතා නවීන අන්වීක්ෂයක් සහ කුඩා විදින උපකරණයක් භාවිතා කරයි. රෝගී සයිල හදුනාගෙන සියුම්ව ඉවත්කරයි. ඉන්පසු ගෝස් (gauze) තබා සැරව උරා ගැනීමට සලස්වයි. මුහුණට ගෙනයන ස්නායුවක් වන (facial nerve) ආරක්ෂා කරමින් සැත්කම සිදුකල යුතු වන නිසා එම ස්නායුව නිරීක්ෂණය කරමින් මෙය සිදු කිරීම වැදගත්ය.
සැත්කමින් පසුව සිදු වන්නේ කුමක්ද ?
වෙළුම් පටි යොදා ඔබගේ කන වසා ඇත. කණ පිටු පස මැහුම් කිහිපයක් තිබීමට පුළුවන.
සැත්කමට පසු ඔබේ නිර්වින්දන වෛද්‍යවරයා වේදනා නාශක නිර්දේශ කරනු ලබයි.
ප්‍රතිජීවක ඖශධ තුවාල සුවවීම පහසු කිරීමට ලබාදෙයි. වෙළුම් පටි ඉවත් කිරීමට දිනයක් ලබාදීම ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදු කරයි.
ශල්‍ය වෛද්‍යවරගේ උපදෙස්
1. දිය නෑමේදී සැත්කම් පෙදෙස වසා තැබීම ( කෝප්පයක් වැනි දෙයකින් )
2. දැඩිව මහන්සි වීම නොකළ යුතුයි
3. ගුවන් ගමන් තාවකාලිකව නතර කලයුතුයි
4. කණට පීඩනයක් හෝ තෙරපීමක් ඇති නොකළ යුතුයි.
මෙම සැත්කම පළපුරුදු උගුර කන නාසය පිලිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකු ලවා සිදු කර ගැනීම වැදගත් වන්නේ සැත්කම මගින් සිදුවන බාධා නැති කර ගැනීමටයි.


සැත්කමෙන් පසු පරිස්සම් වන්නේ කෙසේද ?
දිය නෑවාට කමක් නැද්ද ?
කනට වතුර නොයවා නෑවාට කමක් නැත. ගඟේ හෝ තටාක වල බැස දියනෑමට සති 2ක් වත් ගතවිය යුතුයි.
වැඩට යන්නේ කවද ද ?
දිගු කාලීන ප්‍රථිපල ?
රෝගය සංකීර්ණ නොවන විට දිගු කාලීන ගැටළු අවමයි. එහෙත් විටින් විට උගුර කන නාසය පිලිබඳ විශේෂඥය වෛද්‍යවරයෙකු ලවා පරික්ෂ කර ගැනීම වැදගත්ය. නැවතත් මෙය ඇති වීමට 10-50% පමණ සම්භාවිතාවක් පවතියි.