රඹුටන් ඇට හිරවුනොත්

රඹුටන් ඇට

රඹුටන් ඇට,  රට කජු ඇට වැනි කුඩා ද්‍රව්‍ය සිරවීමෙන් වසරකට සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝගී දරුවන් මිය යයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දැනුවත් වීම ඉතා වැදගත් වන්නේ ප්‍රතිකාර ලබා දීමට ප්‍රථම බොහෝ දරුවන් මිය යා හැකි නිසයි. 
 
 
FB aspiration with small parts

මොනවගේ දේවල් ස්වසන මාර්ගයේ හිරවිමෙන්ද රෝගීන් රෝහලට එන්නේ ?

රට කජු ඇට හිරවීමෙන් බොහෝ විට පැමිණෙයි. එමෙන්ම වෙනත් ආහාර කැබලි පාන්, බත් ඇට. එමෙන්ම රඹුටන් ඇට සිරවීමෙන් පැමිණෙන රෝගීන් බොහෝවිට ගෙදරදීම මියගොස් පැමිණෙයි. සෙල්ලම් බඩුවල ඇති කුඩා කැබලි, බොත්තම්, පෙබල්ස් (Pebels). ලිතියම් බැටරි හිරවුන විට විශාල හානියක් පටක වලට සිදුවේ. එමෙන්ම පොප් කෝන්, ඉඳි කටු සහ ඇණ ආදියද අනෙකුත් රටවල ළමුන්ගේ වාර්තා වෙනවා. 
 
බොහෝවිට ස්වසන මාර්ගයේ දකුණු පැත්තේ පෙනහැල්ල මෙසේ කුඩා ද්‍රව්‍ය සිරවීමෙන් අවහිරවීම සිදුවේ. එයට හේතුව දකුණු පැත්තේ ස්වසන මාර්ගය සෘජුව ස්වරාලයට විවෘත වී තිබීමයි.
 
 

මෙහිදී ඇති වන රෝග ලක්ෂණ මොනවාද ?

Forein body_
 
බොහෝ විට මුලින්ම කැස්සක් ඇතිවිය හැකි අතර ඒ හැරුණුකොට වෙනත් රෝග ලක්ෂණයක් ඇති නොවේ. රඹුටන් වැනි විශාල ඇට ස්වසන මාර්ගයට ඇතුල් වුවහොත් සම්පුර්ණයෙන්ම හුස්මගැනීම අවහිර වේ. එවිට විනාඩි කිහිපයක් තුල දරුවා මියයාමට පුළුවන. එය සිදුවන්නේ සම්පූර්ණයෙන්ම හුස්ම අවහිර වීම නිසාය. 
 
මුලින්ම දරුවාගේ හැසිරීමේ කලබලකාරී තත්වයක් ඇතිවේ. ඉන් පසු දරුවා නිල් පැහැ ගැනීම, සිහිය විකල් වීම, හුස්ම ගැනීමේ අපහසුව හෝ හුස්ම ගන්නා විට අසාමාන්‍ය සද්දයක් ඇතිවීම දක්නට ලැබීමට පුළුවන. දරුවා නිල්පැහැ ගැන්වී සුළුමොහොතකින් හදවත නවතියි. කෙසේ වෙතත් මෙවන් අවස්ථාවකදී දරුවාගේ පිටට වැරෙන් පහරක් ලබා දීමෙන්  එම සිර වූ දෙය ඉවතට තල්ලු කළ හැකියි. 
 
එහෙත් රට කජු වැනි ඇට වර්ග සිර වූ විට මුලින් කැස්සක් ඇති වුවත් පසුව සාමාන්‍ය වෙයි. එහෙත්  පැය කීපයක් ගත වන විට ක්‍රමයෙන්  කජු ඇටය  ස්ලේෂමල මගින් පෙගීම නිසා එය විශාල වේ. එවිට හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වේ.
 
රෝග ලක්ෂණ ඇති වීමට බොහෝ විට  පැයක් පමණ කාලයක් ගත වන අතර පැය දෙකක් තුළ බොහෝවිට දරුවන් රෝග ලක්ෂණ පෙන්වයි.
 
 
heimlich-maneuver

අත දරුවකුගෙ ස්වසන මාර්ගයට  කිරි පෙවුනොත් කුමක් වේද ?

 
එවිට දරුවාට කැස්සක් ඇතිවීම, කිරි උරා බීම අඩු වීම, මුහුණ රතු වීම, ඇස්වල කඳුළු ඇතිවීම, මූණ රැලි වැටීම වැනි ලක්ෂණ ඇති වේ.
 
ශ්වසන මාර්ගයට ආහාර කැබලි ඇතුල් වුවහොත් කුමක් සිදුවේද ? 
ආමාශයේ ඇති ආහාර ස්වසන මාර්ගයට ඇතුළු වූ විට පෙනහළු වල පටකවලට හානි සිදුවෙයි. බඩේ ඇති අධි සාන්ද්‍ර අම්ල ආහාර සමග පෙණහැල්ලට විශාල හානියක් සිදු කළ හැකි අතර මෙය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. පසු කාලීනව පෙනහැල්ලේ ඇතිවන සැරව ගෙඩි දක්වා වර්ධනය විය හැකිය.
 
 
Foreign body aspiration

නිව්මෝනියාව ඇති වීමට කොපමණ කාලයක් ගත වේද ?

විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා කාලයක් තුළ මෙසේ ආහාර මඟින් පනහළු පටක වල  ඇති කරන රසායනික ප්‍රතික්‍රියාව නිසා නිව්මෝනියාව (Chemical peumonitist) ඇතිවේ. මෙය නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබාදී සුව නොකළහොත් බැක්ටීරියා වර්ධනය වීම මගින් නිව්මෝනියාව වර්ධනය වේ.  
අනිකුත් රෝග ලක්ෂණ ලෙස උණ, ලේ සහිතව සෙම පිට කිරීම ඇතිවේ. ඇතැම්විට මුලින් සිදුවුන අනතුර එතරම් විශාල නොවන විට දින දෙක තුනක් යන විට රෝග ලක්ෂණ ඇතිවෙයි.
 
 
back-blow

ස්වසන මාර්ගයේ යම්කිසි ද්‍රව්‍යයක් ඇත්දැයි දැන ගන්නේ කෙසේද ?

 
 
ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී නැති විට හුස්ම ගැනීමට අවකාශයක් ඇත. එවිට කහින විට එම ද්‍රව්‍යය එළියට පැමිණි විට හුස්ම ගැනීම පහසු වීමට පුළුවන. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම  එම ද්‍රව්‍යය  පිටතට ගන්නා තුරු  රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් නැති වන්නේ නැත.
 
 
Forein body_

රෝහලට පැමිණි විට ඒ බව සොයාගන්නේ කෙසේද ?

 
රෝගියාගේ පපුවේ සිදුකරන  X – ray පරීක්ෂණයක් මගින් බොහෝවිට මෙය  සොයාගත හැක. එහෙත් ආහාර කැබලි  X – ray  පරීක්ෂණයෙන් දිස් නොවේ. කෙසේවෙතත් පෙනහැල්ලේ  X – ray මගින් පෙනහළු තුල  වාතය ගමන් ගන්නා ආකාරය වෙනස් වන නිසා දක්ෂ වෛද්‍යවරයෙකුට මෙය සොයා ගත හැක. 
 
 
 
Forein body_

මේ සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

 
බ්‍රොන්කොස්කොපි (Bronchoscopy) පරීක්ෂණයක් මගින් සිරවූ ද්‍රව්‍ය පිටතට ගැනීමට පුළුවන. මෙය දරුවා නිර්වින්දනය කර නවීන තාක්ෂණික උපකරණ ආධාරයෙන් පළපුරුදු උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට  මෙය  සිදු කල හැක. එහිදී හරියටම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කල හැක.
 
Forein body_

කඩල ඇට වැනි ආහාර ද්‍රව්‍ය ළමයෙකුට ලබා දීමට සුදුසු වයස කුමක්ද ?

 
අවුරුදු තුනකට (3) වඩා අඩු ළමයෙකුට හක්කේ දත් මගින් හපා කන ආහාර  ලබා නොදිය යුතුය. එයට හේතුව නම් එම දරුවන්ගේ ඉදිරි දත් හොඳින් වැඩී ඇති ලෙස පෙනුනත් හක්කේ දත් වැඩි නොමැති නිසයි. ඒ  නිසා ඔවුන්ට රටකජු වැනි හයිය ඇට සපා කෑමට නොහැක. එවිට ඔවුන් එම ආහාර ඇටය පිටින්  ගිලීමට පෙළඹෙයි. එවිට  අහාර කැබලි විශාලත්වයෙන් වැඩි නිසා ආහාර මාර්ගයට නොගොස් ස්වසන මාර්ගයේ හිර වේ. 
 
දැනට ලංකාවේ උණ්ඩ  වලින්  මිය යන කුඩා දරුවන්ට  වඩා  වැඩි  ප්‍රමාණයක්  ඝන ද්‍රව්‍ය  සිරවී මිය යනවා. කුඩා  දරුවන්ගේ  හක්කේ  දත්  වැඩිහිටියන්  මෙන්  නොවැඩි තිබිම නිසා  ඝන ආහාර  ද්‍රව්‍ය  හක්කේ  ඇති  දත්  වලින්  කරන ආහාර අඹරා  ගැනිම කළ නොහැකි  නිසා  ඉදිරිපස දත් වලින් සපා අපහසුවෙන්  ගිලිම නිසා  සෙල්ලම්  කිරිමට  දෙන උපකරණ වල රේසර් බෝල, බැටරි ආදිය ද ඉතාමත් භයානක ප්‍රතිළුල ගෙන දෙන අවස්ථා ඇතිවේ. මෙම කුඩා ලිතියම් බැටරි තුල ඇති ඇසිඩ් ගතිය මගින් බඩවැල් හෝ පෙනහළු පටක වලට දැඩි හානි ඇති කල හැකියි.