FEATURED

Functional Endoscopic Sinus Surgery (FESS)

Need a skilful ENT surgeon to do this. Otherwise, serious complications may happen.

Ent-clinic-logo
sinus

ඔළුවේ සෙම  ඔබටත් තියෙනවද ?

 

ඔළුවේ සෙම රෝගය කියන්නේ කුමක්ද ?

ඔළුවේ සහ මුහුණේ ඇති කෝටරක (sinus) තුල ඇතිවන උග්‍ර අසාදන තත්ත්වය ඉහත රෝග ලක්ෂණ ඇති කරයි. කෝටරක හෙවත් ස්යිනස් (sinus ) යනු මුහුණේ අස්ථි වල ඇති හුළං පිරුණු කොටස්ය. ඒවා කුඩා සිදුරු මගින් නාසයට සම්බන්ධවේ. මෙම කෝටරක (Sinus) මුහුණේ වැදගත් කොටසකි. එහෙත් ඒවාට විෂබීජ ඇතුළු වී අසාදනය වූ විට රෝග ලක්ෂණ ඇතිවේ. එවිට කෝටරක ප්‍රදාහය (sinusitis ) ලෙස හඳුන්වයි. එහි දී කෝටරක අවහිර වී ශ්ලේෂ්මල පිටතට ගැලීම වලක්වයි. 
 

රෝග ලක්ෂණ මොනවාද?

 
1. නාසය බරවීම 
2. මුහුණ රිදීම 
3. අවපැහ ගැන්වූ සහ ඝන වූ සොටු දියර ගැලීම.
4. නාසය තුලින් උගුරට සොටු ගැලීම 
4. හිසේ කැක්කුම, මුහුණේ කැක්කුම, ඇස්යට රිදුම  
5. ගඳ සුවඳ නොදැනීම 
6. නාසය හිරවී හුස්ම ගැනීමේ අපහසුව 
බොහෝ විට මාස තුනකට වඩා කාලයක් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් උගුර කන නාසය පිලිබඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. තත්ත්වය වර්ධනය වන විට කෝටරක තුල මස් වැදලි (polyps) ඇති වී රෝගය උග්‍ර අතට හැරේ. හුස්ම ගැනීම පවා අවහිරවේ. හුස්ම ගඳ ගැසීම ඇතිවේ. එහෙත් උණ ඇති නොවේ. 
 
 
FESS
Facial pain

උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කිනම් අවස්ථාවේදීද ?

 
 
1. කෝටරක ප්‍රදාහය (sinusitis) කිහිප විටක් ඇති වීම සහ සාමාන්‍ය ප්‍රතිකාර වලට සුව නොවන විට 
2. දවස් 10කට වඩා රෝග ලක්ෂණ තිබීම.
3. වෛද්‍යවරයෙකු හමු වූ පසුවත් රෝග ලක්ෂණ සුව නොවූ විට 
 
 

පහත රෝග ලක්ෂණ තිබේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. 

 
1. උණ 
2. ඇස් වටේ ඉදිමුම සහ රතු වීම
3. තද ඔළුවේ කැක්කුම 
4. නළල ඉදිමීම 
5. එක දෙක වී පෙනීම 
6. බෙල්ලේ තද ගතිය 
7. ව්‍යාකුලත්වය (Confusion)
 
 
FESS
Fess

මෙම තත්ත්වයට හේතු මොනවාද ?

 
1. නාසයේ ඇති වන මස් දළු (Nasal polyps)
2. ඇතුලත නාස් දාරයේ (nasal spetum ) ඇති ඇදය 
3. ස්වසන ආසාදන  
4. අසාත්මිකතාව 
5. නරක වූ දත් තිබීම 
 
 

නිසි ප්‍රථිකාර නොකලොත් කුමක් සිදු වේද ? 

 
 
භයානක අතුරු අභාධ කලාතුරකින් සිදු විය හැකියි. ඒවානම් 
1. පෙනීමේ අභාධ – කෝටරක වල ඇති අසාදනය ඇස් දක්වා ගමන් කල හැක. එවිට පෙනීම අඩු වීම හෝ සම්පුර්නයේම පෙනීම නැති වී යාමද විය හැකියි.
2. මොළයේ අසාදන – කලාතුරකින් විෂබිජ මොලයේ ඇති පටක වලට සහ අස්ථි තුලට ද ගමන් කල හැක.
 
 
Facial pain
Fess

මෙම තත්ත්වය වලක්වා ගන්නේ කෙසේද ?

 
 
1. ස්වසන ආසාදන වලක්වා ගැනීම. ස්වසන අසාදන ඇති අයගෙන් අත්වී සිටීම, නිතර සබන් යොදා දෑත් සේදීම.
2. අසාත්මිකතා වලින් වැළකී සිටීම. අසාත්මිකතා සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම.
3. සිගරැට් දුමට නිරාවරණය නොවීම, විෂ දුම් වලින් වැලකි සිටීම. 
4. වාතයේ ආර්දතාවය (Humidity) නිසි ලෙස පවත්වා ගැනීම, පිරිසිදු වාතය ආශ්වාස කිරීම. 
 
 

ප්‍රතිකාර මොනවාද?

 
 
බොහෝවිට මෙය ඉබේම හෝ ප්‍රතිජීවක ඖෂධ හෝ නාසයට දමන බෙහෙත් මගින් හෝ සුවවෙන අතර කලාතුරකින් කෝටරක සැත්කමක් අවශ්‍ය වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මුහුණේ කිසිදු කැළලක් ඇති නොකර නාසය තුලින් සැත්කම සිදු කිරීමයි. කෝටරක වල සිදු කරන සැත්කමකින් ඉක්මන් සුවයක් ලැබිය හැකියි. එම සැත්කම FUNCTIONAL ENDOSCOPIC SINUS SURGERY (FESS ) ලෙස හැදින්වේ. මෙය කුඩා කැමරාවක් අධාරයෙන් නිරීක්ෂණය කරමින් කෝටරක (sinus ) වල සිදුකරන සැත්කමකි. ප්‍රථමයෙන් CT ස්කෑනින්  පරීක්ෂණයක් සිදු කර සැත්කම සිදුකල යුතු පෙදෙස් හඳුනාගනී. එසේ සැත්කම නොකළහොත් අසාදනය ඇස් වලට සහ මොළයට ගමන් කල හැක. එනිසා FESS සැත්කම ආරක්ෂාකාරීව ඒ පිලිබඳ විශේෂඥයෙකු ලවා සිදුකර ගන්න.
 
 
FESS
FESS

සැත්කම සිදු නොකලොත් වන්නේ කුමක්ද ?

 
 
මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ කථාකර නිගමනයකට එන්න. ඖෂධ මගින් සුවනොවන අවස්ථා වලදී පමණක් මෙය සිදුකරන අතර වෙන විකල්පයක් නැති අතර මෙය තිබෙන සුරක්ෂිතම ප්‍රතිකාරයයි. එසේ නොවුනහොත් අසාදනය උඩු දුවනු ඇත. 
 

සැත්කම සිදු කරන්නේ කෙසේද ?

 

මෙය සිහිනැති කර ආරක්‍ෂිතව සිදුකරන සැත්කමකි. නාසය තුලින් කැමරාවක් ආධාරයෙන් ඉතා සියුම්ව සැත්කම සිදු කරයි. ඉතා හොඳින් වේදනා නාශක ලබා දී නිර්වින්දනය කර සැත්කම සිදු කරන බැවින් දැනීමක් ඇති නොවේ. 
 
 

කොපමණ කාලයක් වැඩට නොගොස් සිටිය යුතුද ?

 

දිනකට පසුව ගෙදර යාමට පුළුවන. සතියක් පමණ විවේක ගැනීම වැදගත්. බර වැඩ කරනවානම් සති දෙකක් පමණ විවෙක ගන්න. 
 

මෙය අනතුරු දායක සැත්කමක් ද ?

 

අත්දැකීම් බහුල උගුර කන නාසය පිලිබඳ වෛද්‍යවරයෙකු මෙම සැත්කම සිදු කන්නේනම් සාමාන්‍යයෙන් ගැටළු ඇති වීම අඩුයි. එසේ නොවුනහොත් ඇස් වලට අනතුරක් විය හැක. (1: 500 මෙවැනි තත්වයක් ඇතිවිය හැක). එමෙන්ම මොළය අවට තිබෙන තරලය පිටතට පැමිණිය හැක. මෙය 1: 1,000 රෝගීන්ට සිදු විය හැකි අතර එය යථා තත්වයට පත් කල හැක. ඇතැම් විට ඉතා කලාතුරකින් ලේ ගැලිම ඇති විය හැකි අතර රුධිරය ලබා දීමට සිදු විය හැක. සැත්කම පිලිබඳ වැඩිදුර විස්තර අවශ්‍යනම්  ඔබේ උගුර කන නාසය පිලිබඳ විශේෂඥ්‍ය වෛද්‍යවරයාගෙන් අසන්න. 
 
 

මහනුවර ජාතික රෝහලේ  

උගුර කන නාසය පිලිබඳ විශේෂඥ්‍ය 

වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම

 

FESS (Functional Endoscopic Sinus Surgery)

Best treatment for chronic sinus infection due to nasal polyps.