කර්නශංක බද්ධය කල ළමුන් අනෙක් ළමුන් වගේමයි !

 

ඔවුන්ට ද සම තැන දෙන්න 

 
 

Bone Bridge Surgery

2
Implant

කර්ණශංක බද්ධයන්

කර්ණශංක බද්ධයන් 300 ක් සිදු කිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සමත් වී ඇත. එම ළමුන් අනෙකුත් සාමාන්‍ය ළමුන් මෙන් අධ්‍යාපනික කටයුතු ද කරගෙන යයි. ළමයාට  වයස  අවුරුදු 3 ක් සම්පුර්ණ වීමට ප්‍රථම සැත්කමක් මගින් සුවකර ගැනීමෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක. පිටත කනේ සහ මැද කනේ ආබාධ නිසා ඇතිවන බිහිරි බාවයට කර්ණශංක බද්ධය මගින් ප්‍රතිකාර කල හැක. 
 

අලුත උපන් ළදරුවෙකුට කන් ඇසෙනවද කියා දැනගන්නේ කෙසේද ?

 
කන් ඇසීම නැතිවුනත් මෙම ළමුන්ට හැඬිමට සහ ශබ්ද නැගීමට හැකියාව ඇත. මේ නිසා දෙමාපියන්ද තම ළමයාට ඇසීම ඇතැයි නොමග යයි.
 
දැන ගන්නා අයුරු – මාස 3 ක් දක්වා ළදරුවන්
 
1. එකපාරටම ඇතිකරන විශාල ශබ්දයකට ගැස්සී නොයාම 
2. සංගීතයට හෝ ශබ්දයට ප්‍රතිචාර නොදැක්වීම 
3. දරු නැළවිලි මගින් නැළවෙන්නේ නැත 
4. ශබ්ද වලට අවදි නොවීම 
5. මාස 2ක් පමණ වන විට දරුවන් ශබ්ද කිරීමට පටන් ගත්තත් එසේ ශබ්ද නොනැගීම
6. හුරු පුරුදු කට හඬ වලට ඇහුම්කම් දීම මාස 2ක් වන විට ඇති වුවත් කන් ඇසෙන්නේ නැති නම් එසේ නොකරයි.
 
මාස 4 සිට 8 දක්වා 
 
1. ශබ්ද එන දිශාවට ඔළුව හරවන්නේ නැත 
2. නිශ්ශබ්ද පරිසරයක සිටින විට ඇති වන අධික ශබ්දයට ප්‍රතිචාර නොදැක්වීම.
3. සාමාන්‍යයෙන් මාස 6ක් පමණ වන විට ශබ්ද නගන සෙල්ලම් බඩු  සමග සෙල්ලම් නොකිරීම 
4. තනිවම තමන්ටම ශබ්ද නගා ගැනීම සාමාන්‍යයෙන් තිබුනත්  මෙවන් දරුවන් තුල දක්නට නැත. 
5. දෙදරීමක් ඇති කරන සෙල්ලම් බඩු  වලට වැඩි ප්‍රතිචාරයක් දක්වයි.
 
 
මාස 9 සිට 12 දක්වා 
 
1. සු සූ  ශබ්දයට ක්ෂණිකව හැරී නොබැලීම.
2. නම කියා කතා කල විට ප්‍රතිචාර නොදැක්වීම 
3. කට හඬ එකම ශබ්දයකින් හඬ නැගීම 
4. වෙනස් හඬ වර්ග නොමැතිව ශබ්ද නැගීම 
5. අවුරුදු 1 වන විට අම්මා කියා කතා කිරීමට නොහැකිවීම 
 
මිට අමතරව දරුවෙකු ඉපදුන විගසම සිදු කරන පරීක්ෂණයකින් කන් ඇසීම නිවැරදි දැයි දැන ගැනීමට තාක්ෂනය දැන් දියුණු වී ඇත. මෙම උපකරණය පේරාදෙණිය රෝහලේ සහ ඇතැම් රෝහල් කිහිපයක ඇත.
 
 
smiling_girl_cochlear_implant

ළදරුවෙකුට  ඇසීම නොමැති නම් කල යුතු ප්‍රතිකාර මොනවාද ?

 
වහාම උගුර කන නාසය රෝග සඳහා ප්‍රතිකාර කරන සායනයකට  දරුවා රැගෙන යන්න. එවිට කනේ ඇති ආබාධය පරීක්ෂණ මගින් හඳුනාගෙන ඉක්මනින්ම ප්‍රතිකාර කරනු ලැබේ.
 
 
smiling_girl_cochlear_implant
Implant

කර්ණශංක භද්ධය සිදු කරන්නේ කුමන රෝගින්ටද ?

 
බොහෝ දෙනෙකුට මෙහිදී සිතෙන්නේ අපගේ අභ්‍යන්තර කනට කර්ණ ශංඛ බද්ධ කිරීමක් සිදු වෙනවා කියලයි. නමුත් සැබවින්ම සිදුවන්නේ එවැන්නක් නොවේ. 
 
මුලින්ම කනක අභ්‍යන්තර සැලැස්ම පිළිබඳ සරල අවබෝධයක් ලබාගත යුතුයි.
 
කන මූලිකව කොටස් තුනකින් සමන්විත වේ.
 
1. බාහිර කන
අපට සාමාන්‍යයෙන් පෙනෙන කනක කොටස වන්නේ මෙයයි. මෙය කන් බෙරයෙන් කෙළවරවේ. බාහිර ශබ්ද කනට ඇතුළු වන්නේ මෙහි ඇති බාහිර ශ්‍රවණ නාලය ඔස්සේය.
 
2. මැද  කන
බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ඇතුළු වූ ශබ්දය මගින් කන් බෙරය කම්පනයට පත් කරන අතර එයට ඇතුළු පැත්තේ වූ ඇතුළු කණෙහි ඇති අස්ථි තුනක් ද ශබ්දය මගින් සෙලවීමකට ලක් වේ. එහි දී ශබ්දය වර්ධනය වීමක් සිදු වේ.
 
3. ඇතුළු කන 
මැද කන තුලදී වර්ධනය වූ ශබ්දය  පසුව ඇතුළු කන කරා ගමන් කරයි. එහි ඇති කර්ණශංකය ඔස්සේ මෙම ශබ්ද ස්නායු සංඥාවක් බවට පත්කොට මොළයට ගමන් ගන්නා ශ්‍රවණ ස්නායු වෙත ලබා දෙයි. එම සංඥාව මොළයට ගමන් කළ පසු අපට ශබ්දය ඇසේ. 
 
ශ්‍රවන ආබාධ ද විවිධ කරුණු නිසා ඇතිවිය හැකිය. ඇතැමුන්ගේ උපතින්ම බාහිර කණෙහි ඇති ශ්‍රවණ නාලය හෙවත් සරලව සඳහන් කළොත් සිදුර පිහිටා නැත. ඇතැමුන්ගේ බාහිර හා මැද  කන යම් අනතුරක් නිසා හෝ රෝගී තත්ත්වයක් නිසා අහිමි වීම හෝ අකර්මණ්‍ය විය හැකිය. එවිට බාහිරින් ලැබෙන ශබ්ද තරංග කර්ණශංඛය කරා පැමිණීමේ ඉඩක් ලැබෙන්නේ නැත. 
 
එවිට සිදුකරන්නේ ශල්‍යකර්මයක් මගින් බාහිර ශබ්ද කෙලින්ම ඇතුළු කණෙහි කර්ණ ශංඛය කරා ගමන් කරවීම සඳහා කන් පෙත්තට පිටුපසින් සිදුරක් නිර්මාණය කර එය කර්ණශංඛය කරා ගමන් කිරීම සඳහා ඉඩ කඩ සැලසීමය.
 
 

ඉලෙක්ට්‍රොනික කොටස් දෙකක්

මෙහිදී ශබ්දය ගමන් කිරීම සඳහා මාර්ගයක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.  බාහිර සහ මැද කන මගින් සිදුකෙරෙන කාර්යභාරය ද සිදුකොට එය අභ්‍යන්තර කන කරා ගමන් කරවිය යුතුවේ.
 
ඒ සඳහා ඉලෙක්ට්‍රොනික කොටස් දෙකක් අවශ්‍ය වේ.
 
1. මයික්‍රෆෝනයක්, කථන සකසනයක් සහ සම්ප්‍රේෂණ පද්ධතියක්.
 
2. ග්‍රාහකයක් සහ ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක්. මෙයින් සිදුකරන්නේ බාහිර ඉලෙක්ට්‍රොනික පද්ධතියෙන් ලබා ගන්නා සංඥා විද්‍යුත් තරංග බවට පත්කොට අභ්‍යන්තර කනට ලබාදීමයි.
 
එම උපකරණ දෙක මඟින් බාහිර සහ අභ්‍යන්තර කන කාර්යභාරයක් ඉටු කරන නිසා ශ්‍රවණාබාධ සහිත රෝගියාට නැවත ශ්‍රවණ හැකියාව ලැබේ. මෙම සැත්කම සඳහා ගතවනුයේ පැයක පමණ කාලයකි.  කර්ණ ශංඛ බද්ධ සැත්කමසිදු කිරීමෙන් පසු රෝගීන්ට හඬ හඳුනාගැනීමේ පුහුණුවක් ද ලබා දෙයි. ඇතුළු කනේ ඇති ශ්‍රවණ ස්නායුව අඩපණ වූ විට සැත්කමකින් ප්‍රතිකාර කිරීමට නොහැක.
 
 
Implant-patient-success

මෙම සැත්කම සාර්ථක ද ?

මෙය 100% සාර්ථකව සිදුකල හැක. දැනට සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ පමණක් සැත්කම් 300ක් සාර්ථකව සිදු කර ඇත. 
 
 
මෙම ළමුන්ගේ මානසික සහ කායික වර්ධනයේ වෙනසක් තිබේද ?
 
උපැස් යුවලවල් පාවිච්චි කරන කොතරම් උගතුන් සිටීද ඒ වගේම කර්නශංක බද්ධයේදී ද සැත්කමෙන් පසු අනෙකුත් ළමුන් මෙන් සාමාන්‍ය ලෙස දක්ෂතා පෙන්වීමට මෙම ළමුන්ටද පුළුවන්. කෙසේ වෙතත් ළමයාගේ වයස අවුරුදු 3ක් වීමට ප්‍රථම සැත්කම සිදුකිරීමෙන් සාර්ථක ප්‍රථිපල වැඩියෙන් ලැබේ.  
 
මේ සඳහා කොතරම් මුදල් වැය වෙනවාද ?
 
විදෙස් රටක දී මෙම ශල්‍යකර්ම සිදුකිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන තුනකට අධික ප්‍රමාණයක් වැය වෙතැයි පැවසේ. කෙසේ වෙතත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහල මගින් මෙම සැත්කම නොමිලේ සිදුකර දීමට අවශ්‍ය පහසුකම් තිබේ.